චීනයේ ආයෝජන සංකල්ප ලෝක ආර්ථික වර්ධනයට ඉතාම වැදගත්
2024-04-29 14:52:52
Share with:

ආර්ථික වර්ධනය වෙනුවෙන් චීනය විදේශ ආයෝජකයින්ගේ වේදිකාවක් තනා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. චීනය සෘජු විදේශ ආයෝජන සම්බන්ධව එක්තරා අධ්‍යයන මූලාශ්‍රයකි. චීනයේ ආයෝජන සංකල්ප ඉතාම වැදගත් තැනක් ගන්නා බව හෙතෙම කියා සිටී. වත්මන් ගෝලීය ආර්ථික විචල්‍යතාවන්ට එවැනි නූතනවාදී ආයෝජන සංකල්ප අත්‍යවශ්‍යය. එමගින් ලෝක ආර්ථික වර්ධනයට නව බලාපොරොත්තුවක් එකතු කළ හැකිය. සාම්ප්‍රදායික දේශපාලන න්‍යායන් බැහැර කරමින් ආර්ථික වර්ධනය වෙනුවෙන් විදේශ ආයෝජකයින්ගේ වේදිකාවක් චීනය තනා තිබේ. ආර්ථික මෙන්ම නිශ්පාදන බලවතෙකු වන චීනය, ලෝක ආර්ථිකයේ විශාල කොටසක් හසුරුවන අතරම තම මව්බිම තුළ විදේශ ආයෝජන වෙනුවෙන් ඉහළ අවධානයක් යොමු කරයි. වර්තමානයේ දී මෙන්ම අනාගතයේදී ද විදේශ ආයෝජන ගමනාන්තයක් ලෙසට චීනයට ඇති ආකාර්ශනය තවදුරත් වර්ධනය වනු ඇත. චීනය විදේශ ආයෝජන සම්බන්ධයෙන් දක්වන විවෘතභාවය ලෝක ආර්ථික ප්‍රතිලාභ වර්ධනයට හේතුවනු ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම