චීන හා බොලිවියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් බෙයිජිංහිදී
2024-04-29 13:55:18
Share with:

චීන හා බොලිවියානු විදේශ අමාත්‍යවරු බෙයිජිංහිදී හමුවෙති. දෙපාර්ශ්වය දේශපාලන අන්‍යෝන්‍ය  විශ්වාසය ,සංවර්ධන උපාය මාර්ග ශක්තිමත් කිරීම මෙන්ම ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මය,තොරතුරු හා සන්නිවේනය සහ හරිත සංවර්ධනය යන අංශවල සහයෝගතා අඛණ්ඩව වර්ධනය කළ යුතු බව චීන විදේශ ඇමති වන්ග් යී මහතා ඊයේ(28) පැවති එම හමුවේදී සඳහන් කළේය.

බොලිවියා විදේශ ඇමතිනි Celinda Sosa Lunda මහත්මිය පැවසුවේ බොලිවියාව  එකම චීනය ප්‍රතිපත්තියට සහ චීනය යෝජනා කර ඇති ගෝලීය මුලපුරුම් වෙත දැඩිව සහාය දක්වන බවයි. චීනය සමග ආර්ථීක හා වෙළඳ අංශයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා වර්ධනයට බොලිවියාව අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය. චීන ව්‍යවසායකයින් බොලිවියාවේ ආයෝජන හා ව්‍යාපාර කිරීම පිළිගන්නා බවද බොලිවියා විදේශ ඇමතිනිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම