EPF පොලිය 13% දක්වා ඉහළට
2024-04-29 15:58:50
Share with:

ලක්ෂ විසිහතකට ආසන්න වැඩ කරන සේවකයින්ට ප්‍රතිලාභයක් ලෙස මෙතෙක් සියයට 9ක්ව පැවැති සේවක අර්ථසාධක අරමුදලේ පොලිය සියයට 13 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රටේ ඇති දැවැන්තම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලට ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශාල අලාභයක් සිදුවන බවට විවිධ පාර්ශ්වයන් චෝදනා කළ ද ඒ සියල්ල අසත්‍ය බව මේවනවිට ඔප්පු වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

2023 වර්ෂය සඳහා සේවක අර්ථ සාධක අරමුදලෙහි ආයෝජනය කර උපයාගත් මුදල්වලින් සියයට 13ක පොලී ප්‍රතිශතයක් ගෙවීමට රජය ගෙන ඇති මෙම තීරණය එහි සාමාජිකයින්ට සුබ පණිවිඩයක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම