”චීන රූපවාහිනි වැඩසටහන් සමය” විශේෂ ක්‍රියාකාරකම හංගේරියාවේදී ඇර‍‍‍ඹේ
2024-04-29 17:51:59
Share with:

” චීන රූපවාහිනි වැඩසටහන් සමය” මැයෙන් විශේෂ ක්‍රියාකාරකමක්  හංගේරියාවේදී ඇර‍‍‍ඹේ. චීන මාධ්‍ය සමූහය හා හංගේරියානු ATV රූපවාහිනි සේවය ඒකාබද්ධ ව සංවිධානය කළ එම ක්‍රියාකාරකම අද (29)  Budapest නගරයේ  දී ආරම්භ විය. එහි සමාරම්භක උත්සවයට එක් වූ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං , හංගේරියානු ATV මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Kovács Tamás,  හංගේරියානු හිටපු අග්‍රාමාත්‍ය  Medgyessy Péter සහ හංගේරියාවේ චීන තානාපති Gong Tao යන මහත්වරු වීඩියෝ මාර්ගයෙන් දේශන පැවැත්වූහ.

” චීන රූපවාහිනි වැඩසටහන් සමය” චීන-හංගේරියානු සංස්කෘතික හුවමාරු වැඩසටහන් අතර සුවිශේෂ ක්‍රියාකාරකමකි. එය දෙරටේ දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වයේ විචිත්‍රවත් නිරූපණයක් ද වන බව ශෙන් හයි ශියොං මහතා එහිදී කියාසිටියේය. සිය ආයතනය චීන මාධ්‍ය සමූහය සමග දිගුකාලීන හා සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි Kovács Tamás මහතා සඳහන් කළේය. ” චීන රූපවාහිනි වැඩසටහන් සමය” මගින් චීන හා හංගේරියානු ජනතාව අතර පවතින අවබෝධය හා මිත්‍රත්වය තවදුරටත් තහවුරු වනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කර තිබේ.

” චීන රූපවාහිනි වැඩසටහන් සමය” එ‍ළඹෙන මැයි මස මුල් භාගය දක්වා පැවැත්වේ. එමගින් චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ රූපවාහිනි වැඩසටහන් රැසක් හංගේරියානු ATV රූපවාහිනි සේවය හා ඊට අයත් නව මාධ්‍ය වේදිකා ඔස්සේ විකාශය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම