විශ්වසනීයත්වයක් නොමැති පිලිපීනයේ ක්‍රියා කලාපීය තත්ත්වය කඩාකප්පල් කරයි
2024-04-29 19:31:03
Share with:

Ren’ai ගල්පරය යනු දකුණු චීන මුහුදේ Nansha දූපත් සමූහයේ මිනිසුන් රහිත ගල්පරයකි. 1999 වසරේ මැයි 9 වන දා, පිලිපීනයේ "Sierra Madre" නමැති යුද නෞකාව, චීනයේ Ren'ai ගල්පරයේ නීතිවිරෝධී ලෙස නැංගුරම්ලා තිබේ. චීනය ඊට දැඩි විරෝධය දැක්වීමෙන් පසු, මෙම යුද නෞකාව රැගෙන යාමට පිලිපීනය නැවත නැවතත් පොරොන්දු විය. නමුත්, වසර 25ක් ගතවී ඇතත් පිලිපීනය තවමත් සිය පොරොන්දුව ඉටුකර නොමැත.

හිටපු ජනාධිපති Rodrigo Duterte පාලන යුගයේදී, චීනය සහ පිලිපීනය අතර Ren’ai ගල්පර ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟතාවකට එළඹිණ. පිලිපීනය ඉන් පොරොන්දු වූයේ, නීතිවිරෝධී ලෙස නැංගුරම්ලා  ඇති "Sierra Madre" යුද නෞකාවට ඉදිකිරීම් ද්‍රව්‍ය සැපයීම නතර කරන බවයි. එසේම මානුෂීය දෘෂ්ටිකෝණයේ සිට, පිලිපීනනය යුද නෞකාවට අවශ්‍ය ජීවන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිළිබඳව චීනය තාවකාලික විශේෂ විධිවිධාන සලසා දී තිබේ. එවැනි එකඟතාවයන් යටතේ, චීනය සහ පිලිපීනයට මතභේද පසෙක තබා, බාහිර මැදිහත්වීම්වලට ද ඉඩ ලබා නොදී ද්විපාර්ශ්වික සබඳතා යහපත් දිශානතියකට යොමු කිරීමට හැකි වී තිබේ.

වත්මන් පිලිපීන රජය 2022 ජුනි මාසයේ බලයට පත්වීමේ සිට 2023 පෙබරවාරි මස මුල දක්වා, චීනයේ සහ පිලිපීනයේ අදාළ අංශ හා ආයතන මෙම එකඟතාව යටතේ ක්‍රියා කර ඇත. පසුගිය වසරේ, Ren’ai ගල්පරයේ තත්ත්වය සහ එහි පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, චීනයේ ආරාධනාව මත පිලිපීන ජනාධිපතිවරයාගේ චීන කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතයෙකු චීනයට පැමිණියේය. එහිදී දෙපාර්ශ්වය අභ්‍යන්තර අවබෝධතාවකට එළඹ තිබේ. මෙම වසර මුල දී, චීනය රාජ්‍යතාන්ත්‍රික ක්‍රමයෙන් පිලිපීනය සමග යළි යළිත් සාකච්ඡා සිදු කළ අතර, Ren’ai ගල්පරයට "සැපයුම්" ලබා දීමේ නව ක්‍රමයක් පිළිබඳව ද දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබේ. එහෙත් අදාළ අවබෝධය හා විධිවිධාන එක් වතාවක් ක්‍රියාත්මක කිරීමෙන් පසු, පිලිපීනය විසින් එය ඒකපාර්ශ්විකව හේතු රහිත ව අත්හැර දමා තිබේ.

දැනට පිලිපීනයේ උසස් පෙළේ පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ, එරට පැවති රජය හා චීනය අතර පැමිණි එකඟතාව සම්බන්ධයෙන්  තමන්ට අවබෝධයක් නොමැති බවයි. මෙවැනි ක්‍රියා මගින් සිදු වනුයේ, ඉතිහාසයට ගරු නොකරන, කිසිදු විශ්වසනීයත්වයක් නොමැති සහ කලාපයේ අර්බුද නිර්මාණය කරන රටක් ලෙස පිලිපීනය හඳුන්වාදීම පමණි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම