චීන විදේශ ඇමති සහ ප්‍රංශ ජනපතිගේ විදේශ කටයුතු උපදේශක දුරකථන සංවාදයක
2024-04-28 09:43:40
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම මධ්‍යම කාරක සභා විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ හා චීන විදේශ ඇමති වං යී මහතා, ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි. එම සංවාදය ඊයේ (27) පැවැත්වුණේ විශේෂ ඇරයුමක් අනුව යි.

ප්‍රංශය සමඟ ඉහළ පෙළේ හුවමාරු ශක්තිමත් කිරීමට සහ රාජ්‍ය නායකයන්ගේ රාජ්‍යතාන්ත්‍රික සහභාගිත්වය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් බව වං යී මහතා එහිදී පැවසීය. මෙමගින් දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා නව මට්ටමකට නැංවීම සහ ගෝලීය අභියෝගවල දී වැදගත් කාර්යභාරයක් එක්ව ඉටු කිරීම චීනයේ අපේක්ෂාව යි. එසේම, චීනය සමග ධනාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්තීන් දිගටම පවත්වාගෙන යාම සඳහා යුරෝපා සංගමය පෙළඹවීමට ප්‍රංශය ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වං යී මහතා පැවසීය.

Emmanuel Bonne මහතා එහිදී පෙන්වා දුන්නේ, දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 60 වැනි සංවත්සරය නිමිති කර ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගිතාව තහවුරු කර, ඉහළ පෙළේ හුවමාරු පුළුල් කිරීමට ප්‍රංශය සූදානමින් සිටින බවයි.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ සහයෝගිතා මෙන්ම දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ සම්බන්ධීකරණ තවදුරටත් ශක්තිමත් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ විය. එසේම, යුක්රේන අර්බුදය සහ පලස්තීන-ඊශ්‍රායල ගැටුම වැනි පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු ව තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම