චීනයේ විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තයේ සමස්ත ආදායම යුවාන් බිලියන 100 ඉක්මවයි
2024-04-28 10:13:25
Share with:

චීනයේ විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තයේ සමස්ත ආදායම යුවාන් බිලියන 100 ඉක්මවයි.

බෙයිජිං අගනුවර දී ඊයේ (27) ආරම්භ වූ 2024 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනයේ දී මේ බව ප්‍රකාශ කෙරිණ. චීන විද්‍යා ප්‍රබන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන විසින් සකසන ලද "2024 චීන විද්‍යා ප්‍රබන්ධ කර්මාන්ත වාර්තාව"  එහිදී  නිකුත් කරනු ලැබීය.

රටේ විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක පවතී. 2023 වසරේ එහි සමස්ත ආදායම යුවාන් බිලියන 113.29 ක් වන අතර, එය 2022 වසරට වඩා 29.1% ක වර්ධනයක් බව එම වාර්තාවේ දැක්වෙයි. චීන විද්‍යා ප්‍රබන්ධ හා බැඳුණු චිත්‍රපට සහ රූපවාහිනී කර්මාන්තයේ මුළු ආදායම යුවාන් බිලියන 11.59 ක් වූ අතර, එය 2022 වසරට සාපේක්ෂව 38.8% ක වර්ධනයකි. "The Wandering Earth 2" සහ "The Three-Body Problem" වැනි විද්‍යා ප්‍රබන්ධමය චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය ගණනාවක ජනප්‍රියත්වය අදාළ කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුව ප්‍රවර්ධනය කර ඇතැයි ද වාර්තාවේ සඳහන් වේ.

චීන අනාගත අධ්‍යයන සංගමයේ මහලේකම් Chen Hui මහතා මෙහිදී පැවසුවේ විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා හා තාක්ෂණික යුගය පිළිබඳ සාක්ෂියක් වන අතර, ජාතික ශක්තියේ ද පිළිබිඹුවක් වන බව  යි. රටේ විද්‍යා හා තාක්ෂණික ශක්තිය මෙන්ම විස්තීර්ණ ජාතික ශක්‍යතාවන් හි කැපීපෙනෙන සංවර්ධනයෙන් විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තයේ ප්‍රගමනයට ප්‍රබල පදනමක් සැකසී ඇති බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම