රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට
2024-04-28 16:51:57
Share with:

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. එමඟින් මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්ධමන පීඩනය අඩු වීම සහ මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමට හැකි පරිසරයක් ගොඩනැ‍‍ඟේ.

2022 වසරේ දී නිල වශයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 – 500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථන ඉදිරිපත් විය. එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බව සේමසිංහ මහතා පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය හඳුනා ගනිමින් රජය ගත් ආර්ථික ස්ථාවර කිරීමේ පියවරයන් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඒ හේතුවෙන් රට නව සංවර්ධන මාවතකට අවතීර්ණ වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම