එකඟතාවකින් පසුව රෆා ගොඩබිම් මෙහෙයුම ප්‍රමාද කළ හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසයි
2024-04-28 11:12:03
Share with:

පලස්තීන හමාස් සංවිධානය ඊයේ(27) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවයි.

කටාර්හි අල්ජසීරා රූපවාහිනී නාලිකාවේ වාර්තාවට අනුව හමාස් සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට පැමිණියහොත් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයේ සිදු කරන ගොඩබිම් මෙහෙයුම් අත්හිටුවනු ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz මහතා පසුගිය 27 වැනිදා ප්‍රකාශ කර ඇත.

මේ අතර ගාසා තීරයේ සටන් විරාමය, රඳවාගෙන සිටින පුද්ගලයින් නිදහස් කිරීම සහ මානුෂීය ආධාර වැනි ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් Antony Blinken මහතා 29 සහ 30 යන දෙදින සෞදි අරාබියේ කලාපීය හවුල්කරුවන් හමුවීමට නියමිත බව ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම