ඉතිහාසයේ දරුණුතම පසුබෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට
2024-04-28 16:51:06
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු  ‘වාර්ෂික ආර්ථික විවරණය 2023’ සහ ‘මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් 2023’ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වයි. නිදහසෙන් පසු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් අනතුරුව 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරන බව වාර්තාව පිළිගන්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම වාර්තාවට අනුව වාර්ෂික ආර්ථික විවරණය පරිච්ඡේද තුනකින්ද, මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් ප්‍රකාශනය කොටස් පහකින්ද යුක්ත වේ.

වසර 2022දී 69.8%ක් ලෙස වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම් පහළ යෑමක් වාර්තා කරමින් 2023 වසරේ අවසානය වන විට උද්ධමනය 6.3% දක්වා තනි ඉලක්කමක් බවට පත් වී ඇත. කාර්තු හයක් මුළුල්ලේ අඛණ්ඩව පැවති දීර්ඝතම ආර්ථික සංකෝචනයෙන් මිදී 2023 වසරේ දෙවැනි භාගය තුළදී ආර්ථිකයේ ප්‍රසාරණයක් වාර්තා කොට ඇත.

දළ නිල සංචිතය ඇ. ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ. එය වසර 2022දී පැවැතියේ ඩොලර් බිලියන 1.9ක් ලෙසිනි.

වසර 2022දී මෙරට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8.4%ක් විය. එය වසර 2023 අවසන් වන විට 11.1% දක්වා වැඩි වී ඇති අතර සංචාරක ඉපැයීම් ඇ.ඩො බිලියන 1.1 සිට 2.1 දක්වාද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇ.ඩො බිලියන 3.8 සිට බිලියන 6 දක්වාද වැඩි වී ඇති බව වාර්තාවෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම