අවුරුදු සමයේ ශ්‍රී ලංගම ආදායම කෝටි 150ක්
2024-04-28 16:53:27
Share with:

අප්‍රේල් 5 සිට16 වැනිදා දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,500ක පමණ ආදායමක් උපයා තිබේ.

ලංගම අධිවේගී මාර්ග ආදායම පමණක් රුපියල් මිලියන 130ක් වන බවද රට පුරා සාමාන්‍ය අයුරින් ධාවනය වන බස් රථ ඇණියට අමතරව තවත් අමතර බස් රථ 700ක් යෙදවූ බවද එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසීය.

පසුගිය 12 වැනිදා පමණක් බස් රථ 1,200ක් රට පුරා ධාවනයට එක් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම