සුඩානයේ ආහාර අර්බුදය උග්‍ර වේ
2024-04-28 11:14:01
Share with:

අඛණ්ඩ ගැටුම් හේතුවෙන් සුඩානයේ දැඩි මානුෂීය අර්බුදයක් ඉස්මතු ව තිබේ. ඉන් ආහාර අර්බුදය ඉතා බරපතල තත්ත්වයට පත් ව ඇත. 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරි Rein Paulsen මහතා පැවසුවේ, සුඩාන ජනගහණයෙන් 40% ක් පමණ වන මිලියන 18 ක ජනතාව ආහාර නොමැතිකමින් පීඩාවට පත් ව සිටින බවයි. හදිසි මැදිහත්වීමක් නොකළහොත් මහා පරිමාණ කුසගින්න රට පුරා පැතිරෙනු ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

සුඩාන ජාතිකයන් මිලියන 10 කට වැඩි පිරිසකට සහනාධාර සැපයීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2024 වසරේ ඉලක්කයක් බවට පත්ව ඇතැයි ද  Rein Paulsen මහතා කියාසිටී. ඒ වෙනුවෙන් එම සංවිධානය දරන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 104 කි. මේ වනවිට ඉන් 10% ක පමණ මුදලක් සම්පාදනය කරගෙන ඇති බව ද Rein Paulsen මහතා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම