2024 ජාත්‍යන්තර පරිභෝජන සමය ශැංහයි නුවර දී ඇරඹේ
2024-04-28 09:59:18
Share with:

2024 ජාත්‍යන්තර පරිභෝජන සමය සහ 5 වැනි ශැංහයි ‘මැයි 5 සාප්පු සවාරි උළෙල’ ඇරඹේ. ඊයේ (27) ඇරඹුණු එම වෙළඳ ප්‍රවර්ධන උත්සව චීන වාණිජ අමාත්‍යාංශය, චීන මාධ්‍ය සමූහය සහ ශැංහයි නාගරික රජය විසින් ඒකාබද්ධ ව සංවිධාන කෙරේ.

 මීට අමතරව, රට පුරා පවතින පැරණි මාදිලියේ විවිධ පාරිභෝගික නිෂ්පාදන නවීන නිපැයුම්වලට මාරු කිරීමේ ක්‍රියාකාරකම ද ශැංහයි නගරයේ දී ආරම්භ විය. මෙම විශේෂ අවස්ථාවන් හි සමාරම්භය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශැංහයි නාගරික කමිටුවේ ලේකම් Chen Jining, වාණිජ අමාත්‍ය Wang Wentao සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong යන මහත්වරු එක් ව සිටියහ.

ගෝලීය වශයෙන් දැවැන්තම ආවරණ වපසරියකින් යුතු විස්තීර්ණ මාධ්‍ය ආයතනයක් වන චීන මාධ්‍ය සමූහය සිය මාධ්‍ය සම්පත් හා චීන සන්නාමයන් හි විශේෂතා තුළින් ජාත්‍යන්තර පරිභෝජන නගර ගොඩනංවමින් ආර්ථික සංවර්ධනයට සක්‍රිය සහායක් දක්වන බව Shen Haixiong මහතා එහිදී පැවසීය. එම සන්නාමයන් හි ගෝලීය ජනප්‍රියතාව නංවාලීමට චීන මාධ්‍ය සමූහය අඛණ්ඩ ව දායක වන බව ද හෙතෙම කියා සිටියේය.




ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම