Shenzhou-17 යානයේ කාර්ය මණ්ඩලය යළි පෘථිවියට පැමිණීමට සූදානම්
2024-04-28 16:51:05
Share with:

Shenzhou-17 හා Shenzhou-18 කාර්ය මණ්ඩල ගගනගාමීහු දෙපිරිස අද (28) කක්ෂගත කාර්ය මණ්ඩල වගකීම් භාර දීමේ උත්සවය පැවැත්වූහ. ඔවුන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යතුර හුවමාරු කරගත් බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.

මේවන විට Shenzhou-17 යානයේ කාර්ය මණ්ඩලය සැලසුම් කර ඇති සියළු මෙහෙයුම් සම්පූර්ණ කර ඇත. ඔවුන් එළඹෙන 30 වනදා මිනිසුන් සහිත Shenzhou-17 අභ්‍යවකාශ යානය මගින් චීනයේ Dongfeng ගොඩබැසීමේ මධ්‍යස්ථානයට යළි පැමිණීමට නියමිතය. එම කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා අදාළ ගොඩබැසීමේ මධස්ථානයේ සියළු පද්ධති කඩිනමින් සූදානම් වෙමින් පවතින බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පැවසීය. 

   


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම