‘එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ෂී ජින්පිංගේ කතා(2023)’නමැති ග්‍රන්ථයේ ඉංග්‍රීසි පිටපත් දෙස් විදෙස් හි ප්‍රකාශයට පත් කෙරෙයි
2024-04-28 17:58:31
Share with:

 ‘එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ෂී ජින්පිංගේ කතා(2023)’ නමැති ග්‍රන්ථයේ ඉංග්‍රීසි පිටපත් ප්‍රකාශයට පත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ලිපිලේඛන අධ්‍යයන ආයතනය විසින් පරිවර්තනය කරනු ලැබූ එම ග්‍රන්ථය මධ්‍යම සංස්කරණ හා පරිවර්තන මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කර දෙස් විදෙස් හි බෙදා හැර තිබේ.

එම ග්‍රන්ථය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මාර්ගෝපදේශ මූලධර්මය, එහි අන්තර්ගතය හා ඉලක්කගත ක්‍රියාමාර්ග යනාදිය ගැඹුරින් පහදා දී ඇත. එම වැඩපිළිවෙළ චීන මුලපිරුමක සිට ගෝලීය යථා තත්ත්වයක් බවට පත්වී සරුසාර ප්‍රතිඵල දිනා ජාත්‍යන්තර සහයෝගතා වේදිකාවක් හා පුළුල් ජනප්‍රියත්වයක් හිමි ජාත්‍යන්තර නිෂ්පාදිතයක් බවට පත් වීමේ ක්‍රියාදාමය ඉන් පූර්ණ ලෙස විදහා පා ඇත.   

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම