2024 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය ඇරඹේ
2024-04-27 16:09:12
Share with:

2024 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය අද (27) බෙයිජිං නුවර Shougang උද්‍යාන කලාපයේ දී ආරම්භ කෙරිණ. 

"විද්‍යාත්මක සිහින, අනාගතය නිර්මාණය කිරීම" යන තේමාවෙන් යුත් මෙවර සම්මේලනයේ ආරම්භක උත්සවය, සාකච්ඡා මණ්ඩප, කර්මාන්ත ප්‍රවර්ධන කිරීම , විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සතිය ඇතුළු අංශ හතරකින් ක්‍රියාකාරකම් 18 ක් පවත්වනු ඇත. එම සම්මේලනයේදී චීන විද්‍යා ප්‍රබන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන විසින් ඒකාබද්ධව ‘2024 චීන විද්‍යා ප්‍රබන්ධ කර්මාන්ත වාර්තාව’ නිකුත් කරන ලදී. ඒ අනුව, 2023 වසරේ චීන විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තයේ මුළු ආදායම් චීන යුආන් බිලියන 113.29 කි. එය වසර 2022 හා සැසඳීමේදී සියයට 29.1කින් වැඩි විණ. චීන විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තයේ වාර්ෂික ආදායම චීන යුආන් බිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම