මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ ප්‍රධාන කාර්මික ව්‍යවසායන්හි සමස්ත ලාභය ගිය වසරේ සමාන කාලයට වඩා 4.3% ක වැඩිවීමක්
2024-04-27 15:45:55
Share with:

මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ ප්‍රධාන කාර්මික ව්‍යවසායන්හි සමස්ත ලාභය චීන යුවාන් බිලියන 1505.53 ක් වන අතර එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 4.3%ක වැඩිවීමක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ප්‍රකාශ කරයි.

පළමු කාර්තුව තුළ, චීනයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අඛණ්ඩව ශක්තිමත් කිරීමත් සමඟ, රටේ වෙළඳපල ඉල්ලුම් තත්ත්වය ක්‍රමයෙන් වැඩි දියුණු වී ඇති අතර, කාර්මික නිෂ්පාදනය සහ කාර්මික ව්‍යවසායන්හි ලාභය වර්ධනය වී ඇති බව වාර්තා වෙයි. 2023 දී චීනයේ ප්‍රධාන කාර්මික ව්‍යවසායන්හි සමස්ත ලාභය 2022 ට සාපේක්ෂව 2.3% කින් පහත වැටුන ද, මේ වසරේ පළමු කාර්තුවේ එය 2023 වසරේ පළමු කාර්තුවට වඩා 4.3% ක වැඩිවීමක් ‍පෙන්නුම් කෙරේ.

මේ දක්වා, චීනයේ ප්‍රධාන කාර්මික ව්‍යවසායන්හි ලාභය අඛණ්ඩව කාර්තු තුනක් තුළ වර්ධනය වෙමින් පවතින අතර කැපී පෙනෙන ප්‍රකෘතිවීමේ ප්‍රවණතාවක් දැක ගත හැකි බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම