බ්‍රිතාන්‍ය තෙල් නැවකට සහ ඇමරිකානු ඩ්‍රෝන යානයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම යේමනයේ හූති සටන්කාමීහු භාර ගනිති
2024-04-27 15:50:45
Share with:

මිසයිල ප්‍රහාරයක් දියත් කර රතු මුහුදේදී බ්‍රිතාන්‍ය තෙල් ටැංකියකට පහර දුන් බවත් උතුරු යේමනයේ දී ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළූ බවත් යේමනයේ හූති කණ්ඩායම අද(27) අලුයම ප්‍රකාශ කර ඇත.

26 වැනිදා මිසයිල ප්‍රහාරයකින් යේමනයට ඔබ්බෙන් නැවකට හානි සිදු වූ බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය සිය වෙබ් අඩවියේ වාර්තා කළේය. නෞකාව හඳුනාගත් බවක් හෝ වැඩි විස්තර එහි සඳහන් නොවීය.

ඊශ්‍රායලය සමඟ ගැටුම්වල නියැලී සිටින පලස්තීනුවන්ට සහයෝගය දැක්වීම සඳහා හූතිවරු පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ඊශ්‍රායලයට සම්බන්ධ නැව් හෝ රතු මුහුදේ ඊශ්‍රායල වරායන් වෙත ප්‍රහාර එල්ල කරති.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම