ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරය ජාත්‍යන්තර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙරට ගත් පියවරක්--චීනය
2024-04-27 17:10:04
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා චීනයේ සිදු කළ සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ උතුරු ඇමරිකා හා ඔෂිනියා දෙපාර්තමේන්තු ප්‍රධානී යං ටාඕ මහතා ඊයේ(26) රාත්‍රී මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය.

චීන ඇමරිකා නායක දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේ පැමිණි එකඟතාව ක්‍රියාත්මක කිරීමේ සැකස්මක් ලෙස ඇන්තනි බ්ලිකන් මහතාගේ සංචාරය සැලකිය හැකි බව ඔහු පැවසීය. එනම්, මෙය සංවාද පැවැත්වීම, මතභේද පාලනය කිරීම, සහයෝගතා පුළුල් කිරීම, ජාත්‍යන්තර කටයුතු තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා දෙරට ගත් පියවරක් බව ද ඔහු පෙන්වා දී තිබේ.

එම සංචාරය තුළදී චීනය සිය ස්ථාවර පැහැදිලි කර ඇත. ප්‍රථමයෙන්ම තායිවාන ගැටළුව, චීන ඇමරිකා සම්බන්ධතාවයේ ඉක්මවා යා නොහැකි රේඛාවක් බව චීනය යළි අවධාරණය කර ඇත. ඇමරිකාව කිසිඳු ආකාරයකින් තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් නොකළ යුතු ය. ඇමරිකාව තායිවාන ප්‍රදේශයේ හමුදාමය ශක්තිය වැඩිදියුණු කිරීමට උත්සාහ නොදරා චීනයේ සාමකාමී එක්සත්භාවයට අනුබල දිය යුතු බව ද ප්‍රකාශ කෙරිණ. 

නව බලශක්ති වාහන, ලිතියම් බැටරි, ප්‍රකාශ වොල්ටියතා නිෂ්පාදිත යන ක්ෂේත්‍රවල චීනය ලද වාසීදායක ජයග්‍රහණ, ගෝලීය වෙළඳපොලේ අවශ්‍යතාව, තාක්ෂණික නවෝත්පාදනය, පූර්ණ තරගකාරීත්වය පිළිබිඹු කිරීමක් මිස, චීන රජයේ ‘දීමනාවේ’ ප්‍රතිඵලය නොවන බවද යං ටාඕ මහතා පෙන්වා දී තිබේ.

මෑතකදී දකුණු චීන මුහුදු කලාපයේ උණුසුම් තත්ත්වය උග්‍රවීම, ඇමරිකාවේ මැදිහත්වීමෙන් බැහැර කළ නොහැකිය. ඇමරිකාව ගිනි අවුළුවාලීමට උත්සාහ නොකළ යුතුය.

මේ අතර ඇමරිකාව චීනයේ ස්වාධිපත්‍යය හා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීතිමය පාලනයට ගරු කළ යුතුය. එසේම ෂින්ජියං, ටිබෙට් යන ප්‍රදේශවලට අදාල ගැටළු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර මානව හිමිකම් මුවාවෙන් ඊට මැදිහත් වීමට චීනය ඉඩ නොදෙන බව ද යං ටාඕ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම