අතිරික්තය වන්නේ ඇමරිකාවේ ආරක්ෂණවාදය මිස, චීනයේ නිෂ්පාදිත ධාරිතාව නොවේ
2024-04-27 10:33:56
Share with:

චීනයේ ඊනියා ‘නිෂ්පාදන ධාරිතාවේ අතිරික්තය’ කෙරේ ඇමරිකාව නගන චෝදනා, මෑතකදී ජාත්‍යන්තර වශයෙන් උණුසුම් සාකච්ඡාවලට ලක් වී තිබේ. ඇමරිකාවේ චෝදනා හේතු විරහිත වන බවත් අතිරික්තය වන්නේ ඇමරිකාවේ ආරක්ෂණවාදී මානසිකත්වය මිස, චීනයේ නිෂ්පාදන ධාරිතාව නොවන බවත් CGTN ජාලය මගින් ගෝලීයව සිදු කළ ජනමත විමසුමකට එක් වූ සියයට 90කට වැඩි අන්තර්ජාල භාවිත කරන්නන්ගේ අදහස වී තිබේ.

ඇමරිකාවේ චිප් අපනයනය ගෝලීය වෙළඳපොලේ සියයට 48ක් ගනී. අවි ආයුධ අපනයනය සියයට 42ක් ගනී. කෘෂි නිෂ්පාදනවල අපනයනය සියයට 10කි. දැවැන්ත ගුවන්යානාවල කොටස්, ඛනිජ තෙල්, ස්වාභාවික ගෑස්, ඖෂධ අතිනුත් ඇමරිකාව ගෝලීය වෙළඳපොලේ ඉතා වැදගත් ස්ථානයක පසු වී තිබේ. කෙසේ වුවද, එක්තරා රටක නිෂ්පාදිත වැඩියෙන් අපනයනය කිරීම, සරල ලෙස ‘නිෂ්පාදන ධාරිතා අතිරික්තය’ ලෙස සැලකිය නොහැකි බවත් එසේම ඊනියා චීනයේ නිෂ්පාදන ධාරිතා අතිරික්තය ලෙස ඇමරිකාව අර්ථ දැක්වීම කිසිදු පදනමක් නොමැති බවත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91.49ක් අදහස් පළ කරයි.

තමාගේ නිෂ්පාදිතවලට ශක්තිමත් තරගකාරීත්වය ඇති වුවහොත්, ‘නිදහස් වෙළඳාම’ යන්න නිරතුරුවම කතා බහ කරන නමුත්, තමාගේ නිෂ්පාදිතවලට වාසීදායක තරගකාරීත්වය නොමැති නම් ඒ තරගකාරීත්වය හිමි නිෂ්පාදිතවල අපනයන රටවලට එරෙහිව ‘නිෂ්පාදන ධාරිතා අතිරික්තය’ පිළිබඳව චෝදනා කිරීම, ඇමරිකාවේ උපායයයි. එබඳු ද්විත්ව ප්‍රතිමිගත ක්‍රියාවට ජගත් ප්‍රජාවේ විශ්වාසය දිනා ගැනීමට නොහැකිය. ඇමරිකාවේ මෙවන් හැසිරීම් ජනමත විමසුමට එක්වූවන්ගෙන් සියයට 94.66කගේ දැඩි පිළිකුලට ලක් ව ඇත. එය හුදෙක් ආරක්ෂණවාදී ක්‍රියාවක් බව ද ඔවුහු පවසති.

අදාල ජනමත විමසුම CGTN ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ්, අරාබි, ප්‍රංශ හා රුසියානු භාෂා වේදිකාවලින් පවත්වන ලදී. පැය 24ක් ඇතුලට විදේශයන්හි අන්තර්ජාල භාවිත කරන්නන් 6848 දෙනෙක් ඊට එක් වූ අතර සිය අදහස් පළ කර ඇත.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම