මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා චීනයට ස්ථිර සහාය - නේපාල අගමැති
2024-04-27 15:53:03
Share with:

මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා චීනයට ස්ථිර සහයෝගය දක්වන බව නේපාල අගමැති Pushpa Kamal Dahal මහතා පවසයි.

චීන ජාතික ජාත්‍යන්තර සංවර්ධන සහයෝගතා ඒජන්සියේ අධ්‍යක්ෂ Luo Zhaohui මහතා ඊයේ (26) නේපාලයේ කත්මණ්ඩු හි නේපාල අගමැති Pushpa Kamal Dahal මහතා සමඟ හමුවක් පැවැත්වීය. නේපාලයේ ආර්ථික හා සමාජ සංවර්ධනය, දරිද්‍රතාවය අඩු කිරීම සහ වසංගත පාලනය සඳහා චීනයේ සහාය නේපාලය අවංකවම අගය කරන බව Pushpa Kamal Dahal මහතා එම අවස්ථාවේදී පැවසීය. සන්නිවේදනය, සංචාරය, වෛද්‍ය සේවාව, අධ්‍යාපනය, කෘෂිකර්මය සහ ජල සංරක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සහ ගෝලීය සංවර්ධන මුලපිරුම පොදුවේ ප්‍රවර්ධනය කිරීමටත් ඔහු එහිදී අපේක්ෂාව පළ කළේය.

දෙරටේ නායකයින්ගේ වැදගත් එකඟතා දෙපාර්ශ්වය ක්‍රියාත්මක කළ යුතු බව Luo Zhaohui මහතා එහිදී කියා සිටියේය. උපායමාර්ගික සැලසුම් පිළිබඳ සන්නිවේදනය හා ප්‍රායෝගික සහයෝගතාව ශක්තිමත් කිරීමෙන් දෙරටේ සබඳතාව නව තලයකට තල්ලු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම