මාලදිවයින සහ කටුනායක අතර තවත් ඍජු ගුවන් සේවයක් ඇරඹෙයි
2024-04-27 17:32:45
Share with:

මාලදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර, මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරයි. ප්‍රථම මංගල ගුවන් යානය පසුගියදා  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් , එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතය .

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය තම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා ඒ.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම