චීනය සමග නව සහයෝගතා ක්ෂේත්‍ර ‍ගවේෂණය කිරීමේ අවශ්‍යතාව පවතී--සුරිනාම ජනපති
2024-04-27 17:04:17
Share with:

චීනය හා සුරිනාමය අතර උපායමාර්ගික සහයෝගතා හවුල්කාරීත්වය ගොඩනැගීමේ පස්වැනි සංවත්සරය නිමිති කර ගෙන සුරිනාම ජනාධිපති Chandrikapersad Santokhi මහතා පසුගියදා චීනයේ නිල සංචාරයක නිරත විය. එය ඔහු ජනපති ධුරයට පත්වීමෙන් පසු චීනයේ සිදු කළ ප්‍රථම සංචාරයයි. පසුගිය වසර පහ තුළ දෙරටේ නායකයින් අතර සිදු වූ ප්‍රථම ඍජු හමුවීම එය වීම ද විශේෂත්වයකි.

චීනයේ සංචාරය තුළදී ඔහු චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය. එහිදී ඔහු පැවසුවේ, රටවල් දෙකේ විශාලත්වය වෙනස් වුවද, දුරස්ථව පිහිටා තිබුණද තමා හා ෂී ජින්පිං ජනාධිපතිවරයා බොහෝ සමාන අදහස් දරා ඇති බවයි. දෙරටේ සහයෝගතාව, නව අදියරකට නව මට්ටමකට ඉහල නැංවීම සඳහා එකඟවූ බව ද ඔහු කීය. සංස්කෘතික, වෙළඳ, සිවිල් හා සංචාරක යන සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල සහයෝගතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව පවතී. එමෙන්ම ලෝකය මුහුණ පා ඇති නව අභියෝග හමුවේ නව සහයෝගතා ක්ෂේත්‍ර ගවේෂණය කළ යුතු අතර එහිදී මූලික ප්‍රතිඵල දක්නට ලැබූ බව ද ඔහු විස්තර කර ඇත.

තම සංචාරය තුළදී දෙරට ගිවිසුම් රැසකට අත්සන් තැබූ බව සුරිනාම ජනාධිපතිවරයා පැවසීය. ආහාර සුරක්ෂිතතා ක්ෂේත්‍රයේ නම්, Saramacca දිස්ත්‍රික්කයේ චීනයේ ආධාරය යටතේ කෘෂි තාක්ෂණික ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. දේශගුණ විපර්යාසය වැනි ගෝලීය ගැටළුව පිළිබඳව නම්, අඛණ්ඩ වනාන්තර කළමනාකරණය හා අදාල තාක්ෂණික අනුබලය පිළිබඳ ව පොදු අදහස්වලට පැමිණ තිබෙන බව ද ඔහු හෙළි කළේය.

 ගයනාව හා සුරිනාමය අතර පාලමක් ඉදිකිරීම සඳහා චීනයේ මුල්‍ය ආධාරය ලබා ගැනීමට බලාපොරොත්තු වේ. එය ආහාර සුරක්ෂිතතා ක්ෂේත්‍රයේ කැරිබියානු කලාපය හා දකුණු ඇමරිකා මහාද්වීපය යාකරන පාලමක් වනු ඇත. එය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට සරිලන සංකල්පයකි. ඒ හේතුවෙන් ඊට චීනයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එමගින් නව සහයෝගතා ක්ෂේත්‍ර ආරම්භ කළ හැකි බවත් සුරිනාම ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240509බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම