අයථා ක්‍රම මඟින් උපයා ගත් දේපළ රාජසන්තක කිරීමේ නීති යෝජනාවට කැබිනට් අනුමැතිය
2024-04-27 17:31:50
Share with:

ඕනෑම පුද්ගලයෙක් සතුව අයථා මඟින් උපයා ගත් දේපළක් ඇත්නම් එය රාජසන්තක කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය විසින් පියවර ගත යුතුව තිබෙන බව රජය කියා සිටී.

මේ අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය සකස් කිරීම පිණිස 2023 මාර්තු මාසයේදී අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණ.

මෙම කමිටු වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උපයා ගත් දේපල පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ගුවන් විදුලිය
20240509බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම