පලස්තීන-ඊශ්‍රායල් ගැටුම අවසන් කිරීමට සටන් විරාමයක් අවශ්‍ය බව ගෝලීය සමීක්ෂණයකට එක් වූ 90%කට වැඩි පිරිසක් පවසති
2024-04-26 15:21:12
Share with:

CGTN විසින් පවත්වන ලද ගෝලීය සමීක්ෂණයකින් පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ මානුෂීය අර්බුදය උග්‍ර කිරීම වළක්වාලීමට වහාම සටන් විරාමයක් ඇති කරන ලෙසට 90.05% ක් ඉල්ලා සිටිති. ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 93.5 ක් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සියලුම පාර්ශවයන් තම වගකීම්වලට අවනත විය යුතු බවත් සිවිල් වැසියන්ට එරෙහි සියලු ප්‍රචණ්ඩත්වය වහාම නතර කළ යුතු බවත්ය.

චීනය සැමවිටම විශ්වාස කරන්නේ ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමේ මූලික වගකීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැවරෙන බවයි. චීනය වෛෂයික සහ අපක්ෂපාතී ආස්ථානයක් අනුගමනය කිරීමට සහ අර්බුද සමනය කිරීමේදී ඒකාබද්ධව අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ පාර්ශ්වවලට බලපෑම් ඇති රටවල් දිරිමත් කරයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 93ක් මෙයට බෙහෙවින් එකඟ වන අතර ගැටුම තවදුරටත් උත්සන්න වීම වැලැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එහි මැදිහත්වීමේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම භාවිත කළ යුතු බව විශ්වාස කරති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම