ඇමරිකාවේ "2023-රටේ මානව හිමිකම් වාර්තා" අසාධාරණ සහ සාවද්‍ය බව පාකිස්ථානය පවසයි
2024-04-26 09:43:52
Share with:

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය දා පළ කළ "2023-රටේ මානව හිමිකම් වාර්තා" අසාධාරණ සහ සාවද්‍ය බව පාකිස්ථානය පවසයි. එහි දැක්වෙන්නේ සැබෑ තත්ත්වය නොවන බව පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ඊයේ (25) ප්‍රකාශ කළේය.

කිසිදු පදනමකින් තොර මෙම වාර්තාව දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී වන බවට ද පාකිස්ථානය චෝදනා කළේ ය. එසේම, ගාසා තීරයේ සහ අනෙකුත් ස්ථානවල මානව හිමිකම් ගැටළු නොසලකා හරින ඇමරිකාවේ ක්‍රියා පිළිවෙත පාකිස්ථානයේ දැඩි විවේචනයට ලක් ව ඇත.  

තම රටේ මානව හිමිකම් රාමුව ශක්තිමත් කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවත්, ජාත්‍යන්තර මානව හිමිකම්වල තත්ත්වය වර්ධනයට සක්‍රිය ලෙස දායක වන බවත් පාකිස්ථානය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම