චීනයේ ‘හරිත ධාරිතාව’ ලොව ඉදිරි ගමනට ගාමක බලයකි
2024-04-26 13:01:41
Share with:

‘චීනය බලශක්ති පිරිවැය අඩු කිරීමට දරන ප්‍රයත්න, සූර්ය බලශක්ති පැනල අංශයෙන් ලබා ඇති ප්‍රගතීන් රැසකට හේතු වී තිබේ. විදුලි මෝටර් රථ ක්ෂේත්‍රය ද ඒ හා සමාන වර්ධනයක් පෙන්නුම් කරයි’ මේ අදහස පළ කළේ, ලොව විශාලතම ඛනිජ තෙල් සමාගමක් වන, සෞදි Aramco සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Amin Nasser මහතා, ඊයේ (25) නිමාවට පත්වූ 26 වැනි ලෝක බලශක්ති සම්මේලනයට එක්වෙමිනි. චීනයේ බලශක්ති කර්මාන්තයේ සංවර්ධනය බටහිර රටවල ශුන්‍ය කාබන් විමෝචන අරමුණ සාක්ෂාත් කරගැනීමට මනා පිටුබලයක් ලබා දී ඇති බවත්, ගෝලීය හරිත බලශක්ති පරිවර්තනය වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ඔහු එහිදී පෙන්වා දී තිබේ.

චීන නිෂ්පාදිතයන් හි ‘අධිධාරිතාව’ යන ඊනියා චෝදනාව නගන බටහිර රටවල ඇතැම් පුද්ගලයන්ට Amin Nasser මහතාගේ ප්‍රකාශය  සැබෑ පිළිතුරක් ඉදිරිපත් ව තිබේ. එය, ජගත් ප්‍රජාව චීනය කෙරෙහි දරන යුක්ති සහගත සැබෑ අවබෝධය පිළිබිඹු කිරීමේ ප්‍රකාශයකි. චීනය හරිත නිෂ්පාදනය මගින් ලෝකයට තිළිණ කර ඇති වටිනාකම් කෙබඳු දැයි අදාළ පාර්ශ්ව විසින් වටහා ගත යුතුව තිබේ.

ආර්ථික සංවර්ධනය යනු ජනතා ජීවනෝපාය වැඩිදියුණු කිරීමයි. නව බලශක්ති නිෂ්පාදනවල පරිසර හිතකාමී බව හා කාර්ය සාධනයන් කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇතත් එහි පිරිවැය ඉහළ ය. මෙම අභියෝගය හමුවේ, චීනය, තාක්ෂණික නවෝත්පාදන හා අංගසම්පූර්ණ කර්මාන්ත දාමය ඔස්සේ ඊට පිළියම් ලබා දී නව බලශක්ති නිපැයුම් ප්‍රචලිත කිරීම සහතික කර තිබීම කැපී පෙනේ.

ඇමරිකාවේ Bloomberg News හි පසුගිය දා පළ වූ වාර්තාවක දැක්වුණේ, චීනය ‘අඩු මිල සහිත පවිත්‍ර බලශක්ති නිපැයුම් සැපයීම’ත් සමග ලෝකයේ බලශක්ති පරිවර්තනය ක්‍රියාවට නැංවිය හැකි බවයි. වර්තමානයේ, ගෝලීය වශයෙන් 50% ක සුළං බලශක්තිය හා 80%ක ප්‍රකාශ වෝල්ටියතා පහසුකම් සපයන්නා වනුයේ චීනයයි. 2012 වසරේ සිට 2021 වසර දක්වා, චීනයේ හරිත වෙළඳ පරිමාණයේ වර්ධන අනුපාතය 146.3%කි. ගෝලීය ආර්ථික වර්ධනයට ‘හරිත ගාමක බලය’ චීනය විසින් හිමි කර දීමේ ප්‍රශස්ත තත්ත්වය එයින්ම සනාථ වේ. එවැනි යථාර්ථයක් පවතින පසුබිමක ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයේ නිෂ්පාදන පිළිබඳව හුවාදක්වන ඊනියා ‘අධිධාරිතා’ මතවාදය නිරුත්සාහකව ම බිඳී යන බව ඉතා පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම