සාමාන්‍ය පෙළ විභාගය මැයි 06
2024-04-26 14:42:51
Share with:

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06වැනිදා සිට 15වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

විභාගය ඉලක්ක කර සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ, ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන අතර එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇත.

එම නීති උල්ලංඝණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම