සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාව එක් වෙයි
2024-04-26 14:41:36
Share with:

කිසියම් සංචාරකයෙකු සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD Magazine) විසින් 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර ඇත.

සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී නම් කර ඇති අතර ශ්‍රී ලංකාවට  5 වන ස්ථානය හිමිව තිබේ.

එහි පළමු තැන තායිලන්තයටත් දෙවන ස්ථානය ග්‍රීසියටත් හිමිව ඇත. එමෙන්ම එහි තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමිව ඇති අතර සිව්වන ස්ථානය හිමිවී ඇත්තේ පෘතුගාලයටයි.

මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ 295,000 කට අධික සංචාරකයන් ඇතුලු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මතයි.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම