යුක්රේන අර්බුදයේ වගකීම චීනයට පවරා දීමේ නේටෝ මහලේකම් ගේ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වයි
2024-04-26 18:36:40
Share with:

 

නේටෝ සංවිධානයේ මහලේකම් Jens Stoltenberg චීනයට අදාලව පළ කළ ඍණාත්මක ප්‍රකාශය හේතු විරහිත බව චීනය ප්‍රකාශ කරයි.

 ඔහුගේ ප්‍රකාශය යුක්රේන අර්බුදයේ වගකීම චීනයට පවරා දීමට ගත් උත්සාහයක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(26) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. 

චීනය සටන් පාර්ශ්වයකට අවි ආයුධ නොසපයයි. චීන නිෂ්පාදිත හමුදාමය-සිවිල් ද්විත්ව භාවිත භාණ්ඩ හා සිවිල් ඩ්‍රෝන යානා පිළිබඳ අපනයනය දැඩි ලෙස පාලනය කර ඇත.

මේ අතරම රුසියාව ආනයනය කළ අවි කොටස් සහ හමුදාමය-සිවිල් ද්විත්ව භාවිත භාණ්ඩවලින් සියයට 60ක් ලබා ඇත්තේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් බව දත්තවලින් පිළිබිඹු වී තිබේ. චීනය හා රුසියාව අතර වෙළඳාම අවංක හා ධාර්මිකය. එය ලෝක වෙළඳ සංවිධානයේ හා වෙළඳපොලේ මූලධර්මයන්ට අනුකූල වන අතර කිසිදු තුන්වන පාර්ශ්වයකට ‍එරෙහි නොවේ. මේ හේතුවෙන් එය බාහිර බාධාවන් හා බලහත්කාරයන්ටත් යට නොවන බවද වං වෙන්බින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම