චීනයේ Shenzhou-18 යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු ව එහි සේවයේ නියුතුව සිටි ගගනගාමීන් තිදෙනා හමුවෙති. අනතුරුව මීළඟ අදියරේ කක්ෂගත මෙහෙයුම් නව පිරිසට භාරදෙනු ලැබීය.
Shenzhou-17 යානයේ කාර්ය මණ්ඩලය දොරටුව විවර කර ඇත්තේ බෙයිජිං වේලාවෙන් අද (26) අලුයම 5.40 ට යි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ගගනගාමීන් තිදෙනා එහි පැමිණි නව කාර්ය මණ්ඩලයට සුබ පැතූ අතර, ඔවුහු සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මේ දෙපිරිස හමුවීමෙන් පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිව්වැනි කක්ෂගත කාර්ය මණ්ඩල මෙහෙයුම ආරම්භ විය.
සැලසුම් කර ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම සහ අදාළ වගකීම් භාර දීම සඳහා දින 5 ක පමණ කාලයක් මෙම ගගනගාමීන් හය දෙනා අභ්‍යවකාශයේ එක්ව කාලය ගත කරනු ඇතැයි චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.