චීන-ටැන්සානියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා‍වේ 60 වැනි සංවත්සරයට දෙරට ජනපතිවරු සුභ පැතුම් පිරිනමති
2024-04-26 16:26:05
Share with:

චීනය සහ ටැන්සානියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී වසර 60ක් සපිරෙයි. ඒ වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ටැන්සානියානු ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මිය අද(26) අන්‍යෝන්‍ය ලෙස සුභ පැතුම් පණිවුඩ හුවමාරු කර ගත්හ.

ගතවූ වසර 60ක් තුළ, දෙරටේ සබඳතාව සැමවිටම ශක්තිමත්ව පවතී. මෑත වසර කිහිපය තුළ දෙරටේ අන්‍යෝන්‍ය දේශපාලන  විශ්වාසය අඛණ්ඩව තහවුරු කෙරෙන අතර ඒ ඒ ක්ෂේත්‍ර වල සහයෝගීතා ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් දිනා ගෙන දකුණු-දකුණු සහයෝගීතාවේ ආදර්ශනයක් බවට පත් වූ බවද ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත. 

නව ඓතිහාසික ආරම්භයේ සිට චීන-ටැන්සානියා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින් රටේ සංවර්ධන හා පුනර්ජීවන පොදු අපේක්ෂාව මෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීම සාක්ෂාත් කරගැනීමට ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මිය සමඟ එක්ව උත්සාහ කිරීමට ෂී ජින්පිං මහතා සිය බලාපොරොත්තු පළ කළේය. එසේම දෙරටේ පූර්ණ උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරී සබඳතාව අඛණ්ඩව පුළුල් කර ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය. 

දැවැන්ත ආර්ථික සමාජීය සංවර්ධන ජයග්‍රහණ ලබා ගත් චීනය අගය කරන බව Samia Suluhu Hassan මහත්මිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කළාය. ටැන්සානියාවේ සංවර්ධන ක්ෂේත්‍රයට ලබා දුන් සහය වෙනුවෙන් චීනයට කෘතවේදීත්වය පළ කරන බව ඇය පවසයි. තම රට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල, ගෝලීය සංවර්ධන මුලපිරුම යන වැදගත් මුලපිරුම් සඳහා ස්ථීරව අනුබල දෙමින් දෙරටේ පූර්ණ උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරී සබඳතාව ශක්තිමත් කිරීමට ප්‍රයත්න දරනු ඇතැයි ද ඇය එහිදී සඳහන් කළාය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම