ඇමරිකානු විදේශ ආධාර පනත් කෙටුම්පත ලෝකය අස්ථාවර කරයි
2024-04-26 19:38:11
Share with:

කොංග්‍රසයේ අනුමැතිය ලබා දීමෙන් පසු අප්‍රේල් 22 වැනිදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඩොලර් බිලියන 95 ක විදේශ ආධාර පනතකට අත්සන් තැබීය. ඇමරිකානු අවශ්‍යතා ඉටු කිරීම, එරට විදේශ ආධාර සැපයීමේ මුල්ම සහ අවසාන ලක්ෂ්‍යය වන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රායෝගික අවශ්‍යතා සහ දිගු කාලීන සංවර්ධනය ඉන් නොසලකා හැර තිබෙන බව CGTN විසින් පැවැත්වූ ගෝලීය ජනමත විමසීමකට එක්වූවන්ගෙන් සියයට 89.87%කගේ අදහස වී තිබේ.

පනත් කෙටුම්පතට අනුව, ඇමරිකාව යුක්රේනයට ඩොලර් බිලියන 60 කට වැඩි මුදලක් සහ ඊශ්‍රායලයට ඩොලර් බිලියන 26 කට වඩා ලබා දෙනු ඇත. ඇමරිකානු මාධ්‍ය අනාවරණය කළේ 2023 ජනවාරි වන විට යුක්රේනය සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 76.8 ක් ලබා දුන් අතර එයින් සියයට 40 ක් ඇමරිකානු යුද උපකරණ සහ පුහුණු සේවා මිලදී ගැනීම සඳහා භාවිත කර ඇති බවයි. ජනමත විමසීමේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 94.92ක් විශ්වාස කරන්නේ ඇමරිකානු විදේශ ආධාර දිගු කලක් තිස්සේ ආයුධ වෙළඳුන්ගේ අවශ්‍යතා සමඟ සම්බන්ධ වී ඇති බවත්, මානුෂීය අර්බුද හරහා ඇමරිකාව යුද ලාභ උපයමින් සිටින බවත්ය. ගැටුම් පවතින රටවලට හෝ කලාපවලට ඇමරිකානු යුද ආධාර සැපයීම කලාපීය ආතතීන් තව දුරටත් උග්‍ර කරනු ඇති බවට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.34ක් කනස්සල්ලට පත්ව ඇත.

මෙම පනත චීනයේ තායිවාන ප්‍රදේශයට "විදේශ හමුදා මූල්‍යකරණය" ඇතුළුව "ඉන්දු-පැසිෆික් ආරක්‍ෂාව" සඳහා ඩොලර් බිලියන 8 කට වඩා ආධාර සපයන බව සැලකිල්ලට ගත යුතුය. ඇමරිකාව එකම චීනය මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වී ඇත. "ඇමරිකානු දේශපාලනඥයන් සහ හමුදා කඳවුරු ලෝකයෙන් ඈත් කළහොත්, අපි සාමය භුක්ති විඳින්නෙමු" ලෙසට CGTN මත විමසුමට එක් වූවෙක් ප්‍රතිචාර දක්වා ති‍බේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම