සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය සහතික කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-04-26 17:31:04
Share with:

සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය සහතික කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිත කණ්ඩායමේ කොන්සල් Niu Xiaoqiang මහතා ඊයේ (25) මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සිරියා ප්‍රශ්නය පිළිබඳ යුක්ති හා ස්වාධීන පර්යේෂණ යාන්ත්‍රණය පිළිබඳ රැස්වීමේදීය. මේ වටයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ඇති වීමෙන් පසු මේ වනවිට අත්පත් කරගත් Golan කඳුකරයේ උස් බිම් හරහා ඊශ්‍රායලය සිරියාවේ විවිධ ස්ථාන ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාර නිරතුරුව සිදු කර ඇත.එයින් සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය දැඩිව උල්ලංඝනය කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. චීනය මේ පිළිබඳව දැඩි කණස්සල්ලක් දක්වා ඇත. පලස්තීන ඊශ්‍රායල ගැටුමේ පසුබිම හමුවේ, ගැටුම්කාරී තත්ත්වය බාහිර ප්‍රදේශවලට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා, නොසන්සුන්තාවන් උත්සන්න කරවන ක්‍රියාවෙන් වැලකී සංයමයෙන් සිටින ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම