2024 Zhongguancun සංසදයේ වාර්ෂික සමුළුව චීන උපඅගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ
2024-04-26 10:21:48
Share with:

2024 Zhongguancun සංසදයේ වාර්ෂික සමුළුව ඇරඹේ. “නිර්මාණශීලීත්වය වඩාත් සුන්දර ලෝකයක් බිහි කරයි” යන තේමාවෙන් එය බෙයිජිං අගනුවර දී  ඊයේ(25) ආරම්භ විය. Zhongguancun සංසදය ගෝලීය විද්‍යා තාක්ෂණ සහයෝගිතා හුවමාරු පිළිබඳ වේදිකාවකි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, උපඅග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් කියාසිටියේ පොදු ඉරණමක් සහිත ගෝලීය විද්‍යා තාක්ෂණ සන්ධානයක් ගොඩනැගීමට චීනය සූදානම් බවයි. එහිදී ජගත් ප්‍රජාව සමග එක්ව විවෘත බව, යුක්තිය හා සාධාරණත්වය, සහ වෙනස් කොට නොසැලකීම සහතික කළ ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණ සහයෝගිතා සංකල්පය අනුගමනය කරන බව ද ඔහු අවධාරණය කළේය.

උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණ ස්වාධීනත්වය හා දියුණුව, රට සංවර්ධනයේ උපායමාර්ගික පදනමක් වන බව චීනයේ පිළිගැනීම යි. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ සහිත ගෝලීය විද්‍යා තාක්ෂණ නව සහයෝගිතා රටාව ගවේෂණය කරමින් ජාත්‍යන්තර සහයෝගිතාවට එක්වීම සඳහා චීනය විවිධ රටවලට මෙන්ම  විද්‍යාත්මක පර්යේෂණ ආයතනවලට සහාය වන බව ද උපඅග්‍රාමාත්‍යවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම