14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නවවැනි රැස්වීම නිමා වෙයි
2024-04-26 15:26:22
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නවවැනි රැස්වීම අද (26) පෙරවරුවේ බෙයිජිං මහජන මහා ශාලාවේදී නිමාවට පත් විය.

එම රැස්වීමේදී උපාධි නීතිය සහ තීරුබදු නීතිය ඡන්දය ලබා දීමෙන් සම්මත කර තිබේ. කෘෂිකාර්මික තාක්ෂණ ප්‍රවර්ධන නීතිය, බාල වයස්කරුවන් ආරක්ෂණ නීතිය සහ ජෛව ආරක්ෂණ නීතිය සංශෝධනය කිරීම පිළිබඳ තීරණ ද එහිදී සම්මත කෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පිළිවෙලින් අංක 22, 23 සහ 24 දරන ජනාධිපති නියෝගවලට අත්සන් තැබීය. කමිටුවේ සභාපති Zhao Leji මහතා එම සමාප්ති රැස්වීමේ මුලසුන දැරූ බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240721ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම