චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක
2024-04-26 14:39:01
Share with:

පසුගිය 22 වනදා සිට අද(26) දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Sun Haiyan මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුර නියෝජිත කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ඊට අමතරව, එම පිරිස ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්, ප්‍රාදේශීය, බුද්ධි මණ්ඩල හා මාධ්‍යවේදීන් හමුවූ අතර ඔවුන් “සේද මාවතේ ජනතාව අතර අවබෝධ ලබා ගැනීම” යන වැඩසටහනට එක්වී චීන-ශ්‍රී ලංකා සබඳතාව හා ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගතා පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හවුමාරු කර ගෙන ඇත.

දෙරටේ නායකයන් එළඹුණු වැදගත් පොදු එකඟතා යහපත් ලෙස ක්‍රියාත්මක කරනු ඇති බව දෙපාර්ශ්වය ප්‍රකාශ කළහ. චීන-ශ්‍රී ලංකා ඒ ඒ ක්ෂේත්‍රවල පවතින ප්‍රායෝගික සහයෝගීතා තහවුරු කර අන්‍යෝන්‍ය හා අවංකව සහය වෙමින් පරම්පරාවේ මිත්‍රත්වය රැගෙන යන උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව විධිමත් හා ස්ථිර ව ප්‍රවර්ධනය කරනු ඇති බවද ඔවුහු සඳහන් කළහ. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම