චීනය හා ඇමරිකාව එකඟතාවන් පහකට එළ‍ඹෙයි
2024-04-26 20:20:14
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා  සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අද(26) බෙයිජිංහිදී සාකච්ඡා පවත්වා දෙපාර්ශ්වය එකඟතාවන් පහකට පැමිණ තිබේ.

පළමුවැන්න, ‍දෙරටේ නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය ස්ථාවරව වර්ධනය කිරීමට ඒකාබද්ධව උත්සාහ දැරිය යුතුය. සැන් ෆ්‍රැන්සිස්කෝහි නායක දෙපළ අතර එළඹුණු වැදගත් එකඟතාවන් ක්‍රියාවට නංවාලීම කඩිනම් කිරීමට ද සම්මත වී තිබේ.

දෙවැන්න, උසස් පෙළේ හුවමාරු හා විවිධ මට්ටම්වල ආශ්‍රය පවත්වා ගෙන යා යුතුය. රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, මූල්‍ය සේවා, වාණිජ්‍ය යන ක්ෂේත්‍රවල පුනරුත්ථාපන වූ හා අලුතින් ස්ථාපිත සාකච්ඡා යාන්ත්‍රණවල කාර්යභාරය මනා ලෙස විදහා පෑ යුතුය. හමුදාමය හුවමාරු අඛණ්ඩව සිදු කළ යුතු අතර මත්ද්‍රව්‍ය තහනම, දේශගුණ විපර්යාසයට මුහුණ දීම හා ඒ.අයි. තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගතා ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුය.

තුන් වැන්න, ඒ.අයි. තාක්ෂණය පිළිබඳ චීන ඇමරිකා අන්තර් රාජ්‍ය සංවාදයේ පළමු වන රැස්වීම පවත්වන බවට දෙපාර්ශ්වය ප්‍රකාශ කර ඇත. එමෙන්ම ආසියා ශාන්තිකර කලාපයේ කටයුතු පිළිබඳ නව වටයේ චීන ඇමරිකා සාකච්ඡාව හා සමුද්‍රීය කටයුතු පිළිබඳ සාකච්ඡාව පැවැත්වීමටත් චීන ඇමරිකා කොන්සල් කටයුතු සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීමටත් සම්මත වී තිබේ.

සිව්වැන්න, දෙරටේ මානව හා සංස්කෘතික හුවමාරු පුළුල් කිරීමට පියවර ගනිමින් එකිනෙක රටේ සිසුන් තම රටේ අධ්‍යාපනය ලබා ගැනීම පිළි ගත යුතුය.

පස්වැන්න, ජාත්‍යන්තර උණුසුම් ගැටළු පිළිබඳව චීනය හා ඇමරිකාව සාකච්ඡා හා සම්බන්ධීකරණය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම