චීන විදේශ ඇමති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
2024-04-26 11:37:27
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා, ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමුවෙයි. එම හමුව අද (26) බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

පසුගිය නොවැම්බර් මාසයේ චීන-ඇමරිකා නායක හමුවේ දී ප්‍රකාශයට පත්කෙරුණු ‘San Francisco දැක්ම’ඔස්සේ දෙරට සබඳතාව වර්තමානයේ ක්‍රමයෙන් ස්ථාවර ප්‍රවණතාවක් පිළිබිඹු කරන බව වං යී මහතා එහිදී පැවසීය. එහෙත්, ඍණාත්මක සාධක ද තවදුරටත් වැඩිවෙමින් පවතී. සංවර්ධනය සඳහා චීනය සතු සාධාරණ අයිතියට එරෙහිව පදනම් විරහිත බාධා එල්ල කරන ඇමරිකාවේ ක්‍රියා හේතුවෙන් චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභ නිරන්තර අවහිරතාවන්ට ලක්වන බව ද හෙතෙම කියාසිටියේය.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැංවීමේ දැක්මෙන් යුතුව දෙරට සබඳතාව සලකන චීනය එහි සංවර්ධනයට අඛණ්ඩ ව පියවර ගන්නා බව ද විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. ජනතාව, ලෝකය මෙන් ම අනාගතය පිළිබඳව වගකීමෙන් ක්‍රියා කිරීම චීනයේ ඒකායන පිළිවෙතයි. චීනයේ වෙනස් නොවන ස්ථාවරයේ රැඳී සිටිමින් ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය හා පොදු-ජයග්‍රාහී බව චීනය අඛණ්ඩ ව අනුගමනය කරයි. ඇමරිකාව සමග සබඳතාව ස්ථාවර හා තිරසර අයුරින් ඉදිරියට රැගෙන යාමට ද චීනය දායක වේ. එසේ ම, එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභවලට ගරු කිරීම චීනයේ නොවෙනස් අපේක්ෂාව බව ද වං යී මහතා පැවසීය. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව අනිසි බලපෑම් එල්ල නොකළ යුතු ය. රටේ සංවර්ධනයට ද අවහිර නොකළ යුතු අතර, චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධන ප්‍රතිලාභ හා සම්බන්ධ කටයුතුවල උපරිම සීමා ඉක්මවා ක්‍රියා නොකරන ලෙස ද චීන විදේශ අමාත්‍යවරයා ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම