Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ චීන ශූරයින් සඳහා "ශූරතා මුද්‍රාව" ප්‍රදානය කෙරේ
2024-04-25 18:45:54
Share with:

Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා "ශූරතා මුද්‍රාව" ප්‍රදානය කිරීමේ උත්සවය සහ ක්‍රීඩා තේමා මුද්‍රා කැටයම් කිරීමේ නිර්මාණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද (25) චීනයේ පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා  සහ චීන ජාතික ක්‍රීඩා පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhang Jiasheng මහතා එම අවස්ථාවට එක් වූහ.

චීන මාධ්‍ය සමූහය‍, Hangzhou ආසියානු ක්‍රීඩා සංවිධායක කමිටුව, ආසියානු පැරාලිම්පික් සංවිධායක කමිටුව සහ Xiling මුද්‍රා සංගමයේ ඒකාබද්ධ සංවිධානය යටතේ මෙය ‍පැවැත්විණ. Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ සහ ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශූරතා හිමි කරගත් සියලුම චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 693 දෙනෙකුගේ නම් මුද්‍රා කැටයම් කර, ශූරතා මුද්‍රාව සහ ශූරතා මුද්‍රා ලැයිස්තුවක් ද සාදා තිබේ. ඒ අතරම, ආසියානු ක්‍රීඩා උළෙලේ තේමාවෙන්, කලාකරුවෝ විවිධ ශෛලියේ මුද්‍රා කැටයම් කිරීමේ නිර්මාණ 100 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම