චීන-බංග්ලාදේශ පාබල යුද හමුදාවේ ඒකාබද්ධ පුහුණුවක් මැයි මස දී
2024-04-25 16:14:01
Share with:

චීනය හා බංග්ලාදේශය “රන් මිතුදම 2024” පාබල යුද හමුදාවේ ඒකාබද්ධ පුහුණුව පවත්වයි.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා අද(25) පැවති මාධ්‍ය හමුවේදී එම පුහුණුව පිළිබඳ තොරතුරු විස්තර කළේය.

චීන හා බංග්ලාදේශ යුද හමුදා අතර පවතින පොදු එකඟතාවයට අනුව, එළඹෙන මැයි මස චීන මහජන විමුක්ති යුද හමුදාවේ පාබල හමුදා කණ්ඩායමක් බංග්ලාදේශයට පිටත්ව යන අතර බංග්ලාදේශයේ පාබල හමුදා කණ්ඩායම සමඟ ඒකාබද්ධ පුහුණුවකට සහභාගී වීමට නියමිතය. මෙවර ඒකාබද්ධ පුහුණුව, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල ත්‍රස්ත විරෝධී මෙහෙයුම් පසුබිම් කරගත්  ක්‍රියාත්මක කෙරෙනු ඇත. දෙපාර්ශ්වය එක්ව බස් රථ පැහැරගැනීම, ත්‍රස්තවාදී කඳවුරු ඉවත් කිරීම වැනි මිශ්‍ර පුහුණු සැසි එහිදී සංවිධානය කෙරේ. දෙරට විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද එම ඒකාබද්ධ යුද පුහුණුව මගින් දෙරටේ යුද හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කර ද්විපාර්ශ්වීය ප්‍රායෝගික හුවමාරු හා සහයෝගිතා තහවුරු කළ හැකි වනු ඇතැයිද Wu Qian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම