"චීන රූ පෙළහර ක්‍රියාකාරකම " සර්බියාවේ ඇරඹේ
2024-04-25 17:32:40
Share with:

"චීන රූ පෙළහර ක්‍රියාකාරකම " අද (25) සර්බියාවේ Belgrade හිදී ආරම්භ කෙරේ.මෙම ක්‍රියාකාරකම චීන මාධ්‍ය සමූහය සහ සර්බියානු ජාතික ගුවන් විදුලි හා රූපවාහිනී සේවය එක්ව සංවිධානය කර ඇත. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදිත මනා රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට 10 කට වැඩි ප්‍රමාණයක් සර්බියානු ගුවන් විදුලි හා රූපවාහිනී සේවයේ විකාශය කෙරෙනු ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම අවස්ථාව සඳහා වීඩියෝ දේශනයක් සිදු කළේය. රූපවාහිනි වැඩසටහන් හා චිත්‍රපට යනු භාෂා බාධාවකින් තොර “ගෝලීය භාෂාවන්” ය. චීන මාධ්‍ය සමූහය සර්බියාවේ ඒ ඒ ක්ෂේත්‍ර සමඟ අදහස් හුවමාරු හා සහයෝගතා පුළුල් කරමින් දෙරටේ මිත්‍රත්වය තහවුරු කොට නව යුගයේ ජයග්‍රහණ ලබා ගැනීමට අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

Beta පුවත් ඒජින්සිය, Happy රූපවාහිනී සේවය, Kurir පුවත්පත යන සර්බියානු මාධ්‍ය ආයතන රැසක් එම උත්සවය වාර්තා කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම