සංවර්ධන සම්පත් සඳහා ආයෝජන පුළුල් කරන ලෙස එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා ගෙන් ඉල්ලීමක්
2024-04-25 09:42:49
Share with:

එක්සත් ජාතින්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ඊයේ(24) එක්සත් ජාතීන්ගේ මූල්‍යකරණය සංවර්ධන සංසදයේ සාමාන්‍ය විවාදයේ දී ආයාචනා කළේ, ජාත්‍යන්තර ප්‍රජාව සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියත්මක කළ යුතු බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සහයෝගීතාව ශක්තිමත් කරන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 2030 න්‍යාය පත්‍රය වේගවත්ව ක්‍රියාත්මක කිරීමට සහාය විය යුතු බව ඔහු පැවසීය. 

සංවර්ධිත රටවල් සංවර්ධන ආධාර සහ දේශගුණික මූල්‍යකරණ සඳහා නිල පොරොන්දුවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුය. එසේම ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු, සංවර්ධනය වෙමින් පවතින රටවලට දිගුකාලීන මූල්‍යකරණය සහයෝගයන් ලබාදීමේදී වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතු බවද  Fu Cong මහතා සඳහන් කළේ ය.

සංවර්ධන මූල්‍ය ගැටළුව චීනය වැදගත් කොට සලකයි. ගෝලීය සංවර්ධන මුලපිරුම සහ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ හරහා, සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත. ඒ ඒ පාර්ශ්වයන් සමඟ, ප්‍රායෝගික පියවර මගින් සියලු රටවල පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, Fu Cong මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම