සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මයට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-04-25 18:47:13
Share with:

සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මයට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ ෂැංහයි නගරයේ සිදු කළ සංචාරයේ දී ඉදිරිපත් කළ චීනය පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී තවදුරටත් චීනයේ ස්ථාවරය පැහැදිළි කළේය.

චීනය මුල සිටම වෙළඳපොල මූලධර්මයන් හා ලෝක වෙළඳ සංවිධානයේ නීතීන් අනුගමනය කරමින් ආර්ථික හා වෙළඳ සහයෝගිතාව ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම පැවසීය. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය චීනය ස්ථිර ලෙස ආරක්ෂා කරමින් සිටී. ලෝක වෙළඳ සංවිධානයේ නීතීන් අනුගමනය කරමින් චීනය සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාව යහපත් හා ස්ථාවර දිශාවකට ප්‍රවර්ධනය කරන ලෙස Wang Wenbin මහතා එහිදී ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම