ශ්‍රී ලංකා රුසියානු ආරක්ෂක ලේකම්වරුන් අතර හමුවක්
2024-04-25 18:48:33
Share with:

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සඳහා දැනුම හුවමාරු කර ගැනීමේ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.

ඒ රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිළිබඳ 12 වැනි ජාත්‍යන්තර සමුළුව රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවති අවස්ථාවේදීය.

ත්‍රස්ත මර්දන, සයිබර් හා අන්තර්ජාල ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා බොහොමයක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය.

තවද රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සහ ආරක්‍ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව මංපෙත් පිළිබඳ සොයා බලන බවද දෙපාර්ශ්වය ප්‍රකාශ කර තිබේ.

එම සමුළුවට ලොව පුරා රටවල් නියෝජනය කරන ආරක්ෂක අංශවල උසස් නිලධාරීහු විශාල පිරිසක් එකව සිටියහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම