ඊශ්‍රායල, යුක්‍රේන ආධාර පැකේජය සඳහා ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය
2024-04-25 08:43:20
Share with:

 

දිගු කලක් පුරා අවහිරව පැවති ඊශ්‍රායල, යුක්‍රේන ආධාර පැකේජය සඳහා ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය පළවෙයි. ඇමරිකා ඩොලර් බිලියන 95ක් වන එම සමස්ත පැකේජයට පක්ෂව සෙනෙට් මණ්ඩලයේ ඡන්ද 79ක් ලැබිණ. විරුද්ධව ලැබුණේ ඡන්ද 18ක් පමණි. ඒ අනුව එය ජනාධිපති ජෝ බයිඩන් මහතා ගේ අනුමැතියට යොමු කෙරෙනු ඇත. එම අරමුදල් අතරින් ඩොලර් බිලියන 61කට ආසන්න ප්‍රමාණයක් යුක්‍රේනයට හිමිවනු ඇත. ඊශ්‍රායලයට හිමිවන මුදල ‍ඩොලර් බිලියන 26කි. එම අරමුදල් අතරින් ඩොලර් බිලියන 8ක පමණ ප්‍රමාණයක් ඇමරිකාවේ ඊනියා සන්ධාන පාර්ශ්වයක් ලෙසට ප්‍රකාශ කෙරෙන ආසියා පැසිෆික් කලාපයේ හමුදා ආධාර සඳහා පිරිනැමේ. චීන තායිවාන කලාපය ද ඊට අයත් වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම