පලස්තීන සරණාගතයින්ට සහන සැලසීමේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට පීඩනය පැණවීම කෙරෙහි චීනයේ විරුද්ධත්වය
2024-04-25 17:02:53
Share with:

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයට එරෙහි ප්‍රහාර හා පීඩනයට ලක් කිරීමට විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කරයි.

  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ අද(25) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

මානුෂීය සහනාධාරය ගාසා හි ජනතාවට ජීවිත බලාපොරොත්තු ලබා දෙයි. මෙහිදී මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයේ කාර්යභාරය අතිශයෙන් වැදගත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම ආයතනයේ වැඩකටයුතු යහපත් කිරීමට අනුබල දැක්විය යුතු ය. එම ආයතනයට පහර දීම හෝ පීඩනය ලක් කිරීමට චීනය විරුද්ධය. ඊට අරමුදල් සැපයීම නතර කළ රටවල් හැකි ඉක්මණින් මුදල් සැපයීම යළි ආරම්භ කරන ලෙස චීනය ඉල්ලා සිටියි. චීනය එම ආයතනයට ලබාදෙන සහය ශක්තිමත් කරමින් ගාසා තීරයේ මානුෂවාදී අර්බුදය සමනය කිරීමට අඛණ්ඩව කැපවීමට සූදානමින් සිටින බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240721ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම