චීන මහජන විමුක්ති හමුදා වෛද්‍ය විශ්වවිද්‍යාලය ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යායතනයක් බවට පත් කළ යුතු බව චීන ජනපති කියයි
2024-04-25 11:20:28
Share with:

චීන මහජන විමුක්ති හමුදා වෛද්‍ය විශ්වවිද්‍යාලය, යුද පිටියට, හමුදාවට මෙන්ම අනාගතයට සරිලන වෛද්‍යවරුන් බිහි කරන ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යායතනයක් බවට පත් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී.

චීන ජනාධිපතිවරයා පසුගිය 23 වැනිදා, Chongqing නගරයේ පිහිටි එම විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ මේ බව අවධාරණය කළේය.

ලොව ඉහළ පෙළේ හමුදා වෛද්‍ය විශ්වවිද්‍යාලයක තත්ත්වය සහතික කිරීම සඳහා නවයුගයේ හමුදාව සවිබලගැන්වීමේ චින්තනය සහ හමුදා අධ්‍යාපන ප්‍රතිපත්තිය තරයේ ක්‍රියාත්මක කරමින්, අධ්‍යාපන මට්ටම හා වෛද්‍ය සත්කාර හැකියා වැඩිදියුණු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පුළුල් කර, සදාචාරාත්මක බවින් හා ඉහළ හැකියාවෙන් පිරිපුන් නවයුගයේ හමුදා වෛද්‍යවරුන් බිහි කරමින්, වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ සහ නවෝත්පාදන දැඩි කැපවීමෙන් යුතුව ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.

චීන මහජන විමුක්ති හමුදා වෛද්‍ය විශ්වවිද්‍යාලය චීන හමුදාව සඳහා ක්‍රියාත්මක උසස් වෛද්‍ය අධ්‍යයන ආයතනයක් වන අතර, සමස්ත හමුදා වෛද්‍ය සේවා බලකා පද්ධතියේ වැදගත් අංගයක් ද වෙයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම