චීන-ඇමරිකා ජාතිකාරක්ෂක අමාත්‍යවරුන් අතර වීඩියෝ සංවාදයක්
2024-04-25 16:52:07
Share with:

චීන-ඇමරිකා ජාතිකාරක්ෂක අමාත්‍යවරුන්ගේ වීඩියෝ සංවාදය දෙරටේ යුද හමුදා සබඳතා සමස්ත ස්ථාවරත්වයට සක්‍රිය අර්ථයක් සපයන බව චීනය පවසයි.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා අද(25) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. මෑතකදී චීන ජාතිකාරක්ෂක අමාත්‍ය Dong Jun මහතා සහ ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම් Lloyd Austin මහතා අතර වීඩියෝ සංවාදයක් පැවැත්විණ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම අදහස් පළ කළේය.

මෙවර සංවාදය යුද හමුදා ක්ෂේත්‍රයේ චීන-ඇමරිකා දෙරටේ නායකයන්ගේ පොදු එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරකි. එය දෙරටේ යුද හමුදා සබඳතාව ස්ථාවරව පැවතීමට සක්‍රිය අර්ථයක් හිමි කර දෙන බව හෙතෙම පැවසීය. සාධාරණ හා අන්‍යෝන්‍ය ගරු කිරීම මත ගැටුම් හා විරෝධයන්ගෙන් තොර, විවෘත හා ප්‍රායෝගික සහයෝගතා පවත්වා පියවරෙන් පියවර අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කරන හමුදා සබඳතාවයක් ගොඩනැගීමට චීනය සමඟ එක්ව ඇමරිකාවට උත්සාහ කළ හැකි යැයි චීනය අපේක්ෂා කරයි. චීන ඇමරිකා යුද හමුදා සබඳතාව දෙරටේ සබඳතා සංවර්ධනයේ ස්ථාවර පදනමක් ලෙස කාර්යභාරය ඉටු කිරීම චීනයේ අපේක්ෂාව බව ද Wu Qian මහතා සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම