තම නිෂ්පාදනවල ඇත්තේ ‘අධිධාරිතාවක්’ නොව හරිත සංවර්ධනය සහතික කරන උසස් නිෂ්පාදන ධාරිතාවක් බව චීනය අවධාරණය කරයි
2024-04-25 09:58:31
Share with:

“චීන නිෂ්පාදිතයන්හි අධිධාරිතාවක්”පවතින බවට බටහිර රටවල් හුවාදක්වන අදහස ඔවුන් ආරක්ෂණවාදය සඳහා නිදහසට කරුණක් ලෙස යොදාගෙන ඇති බවත්, අදාළ පදනම් විරහිත චෝදනාවට දැඩි විරෝධය පළ කරන බවත් චීනය කියාසිටී.  

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbing මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි. චීනයේ නව බලශක්ති කර්මාන්ත නිෂ්පාදනවල ඇත්තේ ‘අධිධාරිතාවක්’ නොව, ගෝලීය හරිත සංවර්ධනය සහතික කිරීම සඳහා අවශ්‍ය වන උසස් නිෂ්පාදන ධාරිතාවක් බව ද Wang Wenbin මහතා අවධාරණය කළේය. චීනයේ හරිත තාක්ෂණය, හරිත නිෂ්පාදන මෙන්ම නව බලශක්ති කර්මාන්තයේ දියුණුව, ගෝලීය බලශක්ති අර්බුදය සමනය කිරීමේ දී සහ දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමේ දී විවිධ රටවල අවශ්‍යතා සපුරාලමින් හරිත පරිවර්තනය සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

සාධාරණ තරඟකාරිත්වය අනුගමනය කරමින්, අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණ ලබා ගැනීම සඳහා චීනය සියලු පාර්ශ්ව සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද Wang Wenbin මහතා පැවසීය.

සියලු රටවල් වෙළඳපොළ ආර්ථිකයේ මූලධර්ම සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීතිවලට අවනත වනු ඇතැයි යන්න චීනයේ අපේක්ෂාවයි. එසේම, සාධාරණ, විනිවිදභාවයෙන් යුතු, විවෘත සහ වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් තම රටේ ව්‍යවසායයන්ට ලබා දෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම